පරිගණක වෛරස යනු කුමක් ද?

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Saturday, May 26, 2012

                                                                       

පරිගණක වෛරසයක් යනු තමාටම පිටපත් වී පරිශීලකයාගේ අවසර හෝ අනු දැනුම නොමැතිව පරිගණකයක් ආසාදනය කළ හැකි පරිගණක ක්‍රමලේඛයකි. වෛරස යන පදය බහුලව නමුත් වැරදියට , විවිධ වර්ගවල විනාශකාරී මෘදුකාංග හා ඇඩ්වෙයා (adware) ක්‍රමලේඛ හැඳින්වීමට යොදාගනු ලැබේ. විපරිත වෛරස (metamorphic virus) වල සිදුවන්නාක් මෙන් මුල් වෛරසය පිටපත් නවීකරණය සිදු කිරීම හෝ පිටපත් ඒවාට නවීකරණය කරගැනීම සිදුවිය හැකිය. වෛරසයක් ව්‍යාප්ත විය හැක්කේ එහි සත්කාරය අසාදනය නොවූ පරිගණකයකට ගෙන ගිය විටය. උදාහරණ ලෙස පරිශීලකයා ජාලයක් හෝ අන්තර්ජාලය තුළින් යැවීම , සුනම්‍ය තැටි , CD හෝ USB ධාවන වැනි තැනින් තැනට ගෙන යා හැකි මාධ්‍ය මගින් රැගෙනයාම දැක්විය හැකිය. තවද ජාලගත ගොණු පද්ධති හෝ වෙනත් පරිගණක මගින් ප්‍රවේශ විය හැකි ගොණු පද්ධතිවල ගොණු අසාදනය වීම මගින් ද වෛරස පැතිරිය හැකිය. වෛරස සමහර විට පරිගණක වර්මිස් හා ට්‍රෝජන් හෝර්ස් (Trojan horses) සමග පැටලේ. පරිගණක වර්ම්ස්වලට සත්කාරකයක උදව්වට නොමැතිව වෙනත් පරිගණකවලට පැතිරිය හැකි අතර ට්‍රෝජන් හෝර්ස් යනු හානිදායක ‍නොවන ලෙස පෙනෙන ගොණුවකි. වර්ම්ස් හා ට්‍රෝජන , පරිගණක පද්ධතිවල සත්කාරක දත්තවලට ප්‍රායෝගික කාර්ය ඵලයට හෝ ජාලකරණයට හානිදායක විය හැකිය. සාමාන්‍යයෙන් වර්ම් ඇත්ත වශයෙන්ම පද්ධතියේ මෘදුකාංගවලට හෝ දෘඩාංගවලට හානි නොකරයි. ඒ අතර ක්‍රියාත්මක වූ විට ට්‍රෝජන් මගින් ඕනෑම ආකාරයේ හානියක් සිදුවිය හැක. ක්‍රමලේඛය ක්‍රියාත්මක නොවන විට සමහරක් ඒවා දැකිය නොහැකි වේ. නමුත් ආසාදිත කේතය ක්‍රියාත්මක වූ විගස වෛරසය ද ක්‍රියාත්මක වේ. මේ හේතුව නිසා මිනිසුන්ට තමන් විසින්ම වෛරසය ද ක්‍රියාත්මක වේ. මේ හේතුව නිසා මිනිසුන්ට තමන් විසින්ම වෛරස සොයා ගැනීම අපහසු වන අතර ඔවුනට ස්පයිවෙයා (spyware) ක්‍රමලේඛ හා රෙජිස්ටර සකසූ භාවිතා කිරීමට සිදුවේ.
වර්තමානයේ බොහෝමයක් පරිගණක කරදරකාරී කේතවලට මග පාදමින් අන්තර්ජාලයට හා ප්‍රාදේශීය ජාලවලට සම්බන්ධ වී ඇත. වර්තමානයේ වෛරස වර්ග , වර්ම්ස් හා වෛරස අතර වෙනස නැති කරමින් වර්ල්ඩ් වයිඩ් වෙබ් (World Wide Web) ඊ මේල් ක්ෂණික පණිවිඩ සේවා (Instant messaging) හා ලිපි හුවමාරු පද්ධති වැනි ජාල පහසුකම්වල වාසිය ද ලබා ගනී. තවදුරටත් සමහරක් ප්‍රභව වෛරසයක් යනු ස්වයං පුණර්ජනනය විය හැකි අනිෂ්ට මෘදුකාංගයක් ලෙස ද විකල්ප පාරිභාෂික යොදා ගනී.

සමහරක් වෛරස ක්‍රමලේඛවලට හානි කිරීමෙන් ගොණු මකා දැමීමෙන් හෝ දෘඩ තැටිය නැවත හැඩතල ගැන්වීමෙන් (reformatting) පරිගණකයට හානි කරන පරිදි ක්‍රමලේඛ ගත කර ඇත. අනෙක්වා කිසිදු හානියක් නොවන පරිදි සැළසුම් කර ඇතත් ඒවා නැවත නැවත පුණර්ජනනය වන අතර වදන්, දෘශ්‍ය හෝ ශ්‍රව්‍ය පණිවිඩ මගින් ඒවා ඇති බව හඟවයි. මෙම මෘදු වෛරස පවා පරිශීලකයාට කරදර ඇති කළ හැකිය. ඒවා නීත්‍යානුකූල ක්‍රමලේඛ මගින් යොදාගන්නා පරිගණක මතකය අත්පත් කරගනී. එහි ප්‍රතිඵලයක් ලෙස අනපේක්ෂිත හැසිරීම් හා පද්ධති බිඳ වැටීම් සිදුවිය හැක. බොහොමයක් වෛරස ක්‍රමලේඛවල දෝෂ ඇති කරවන සුළු අතර මෙම දෝෂ පද්ධති බිද වැටීම් හෝ දත්ත නැතිවීම්වලට හේතු විය හැකිය. බොහෝමයක් CID ක්‍රමලේඛ පරිශීලකයන් විසින් බාගත කර ගන්නා ක්‍රමලේඛ වන අතර නිතර නිතර උත්සන්න (pop – up) වෙයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස පරිගණකයෙහි වේගය අඩුවන අතර දෝෂය සෙවීම හා නැවැත්වීම ද ඉතා අපහසු වෙයි.

පරිගණක වෛරස යනු ස්වයංකීයව පැතිරෙන පරිගණක වැඩසටහනකි. පරිශීලකයාගේ අවසරයක් නොමැතිව මෙය සිදුවන අතර මෙවිට පරිගණක‍ය අක්‍රීය වීම හෝ අසාමාන්‍ය ලෙස ක්‍රියාකිරීම සිදුවෙයි. මෙම වෛරස බොහෝ විට පරිගණක කේත රචකයන් තම හැකියාවන් පෙන්වීමට නිර්මාණය කරයි. නැතහොත් අත්හදා බැලීම් සඳහා නිර්මාණය කරයි. කෙසේ වෙතත් මෙයින් සිදුවන හානිය නිසා මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස අර්ථ දක්වා ඇත. එසේ වුවද ර‍ට රටවල් වල නීතිය අනුව තත්ත්වය වෙනස්වේ. සමහරක් වෛරස, පරිගණකයේ දත්ත විනාශ කරන අතර සමහරක් ‍වෛරසය පරිශීලකයාව විවිධාකාරයේ අපහසුතාවයන්ට හා කරදරයන්ට පමණක් ‍පත්කරය.....



ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත්  උවා නම් COMMENT එකක් සහ FANEPAGE  එකට LIKE එකකුත් දාලායන්න.     
Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers