You are here: Home » GOOGLE » කාලයෙන් කාලයට එන විවිධ ස්පෑම් වලින් ගැලවෙමු.......
Sunday, April 28, 2013
කාලයෙන් කාලයට එන විවිධ ස්පෑම් වලින් ගැලවෙමු...
--"Free Facebook t-shirt, Facebook caps, game credits, Skype credits, air-tel reload...."
--"It happens on tv, john cena died, justin bieber sex video...."
--"Who views your profile, who loves you, how much your lover loves you, What Your Birthday Say about Your Profession....."
මේ වගේ අනන්ත සංඛ්‍යාවක් ස්පෑම්ස් එනව කාලෙන් කාලෙට. ඒව අඳුර ගන්න නම් පොඩ්ඩක් විමසිලිමත්ව ඒව දිහා බලන්නම වෙනව. ගොඩක් ඒව පහසුවෙන් අඳුරගන්න පුළුවන් ලේසි ක්‍රමයක් තමයි, ගොඩක් දෙනෙක් එකපාර එකම දේ පෝස්ට් කරනව. ඒ පෝස්ට් එකත් එක්කම පොඩි ලින්ක් එකකුත් තියෙනව මෙතනට යන්න කියල (සමහර වෙලාවට කමෙන්ට් එකකින් වැටෙන්නත් පුලුවන්). ඒ වගේම එහෙම ලින්ක් එකක් ඕපන් කරපු ගමන් ඔයාට කියන්නෙ මොකක්හරි දෙයක් ලයික් කරන්න, ෆේස්බුක් ඇප් එකක් ඉන්ස්ටෝල් කරන්න හෝ browser addons එකක් ඉන්ස්ටෝල් කරන්න කියල.
මෙන්න මේ වගේ දේවල් තියෙන පෝස්ට් වලින් 99.9%ක්ම පැතිරෙන්නෙ ඒ අය නොදැනුවත්වමයි. ඒ කියන්නෙ ඒ අයත් මේ වගේම දේකට රැවටිලා තියෙනව කියන එක. ඔයත් ඒක ක්ලික් කරොත් ඔයාටත් වෙන්නෙ ඔයටිකම තමයි. ඔයාගෙ නමින් හැම තැනම ඒ පෝස්ට් එක පැතිරෙනව.
ඔයා මේ වගේ දෙයක් දැක්කොත්.....
වහාම ඒක පෝස්ට් කරපු කෙනාගෙන් පුද්ගලික අහන්න ඔයාමද මේ පෝස්ට් එක දැම්මෙ කියල. ඔහු/ඇය නොදැනුවත්ව එය සිදුවී තිබේ නම් ඒකෙන් බේරෙන්න ක්‍රියාමාර්ගයක් ගන්න කියල දැනුවත් කරන්න. (පහලට කියවන්න)
ඔයා මේ වගේ දේකට දැනටමත් අහුවෙලා නම් ඉන්නෙ....
වහාම ඔබගේ ෆේස්බුක් password එක වෙනස් කරන්න. එමගින් ඔබ දැනට ඉන්ස්ටෝල් කර ඇති ඇප් වල ක්‍රියාකාරීත්වය අඩපණ කරනු ඇති. දැන් ඔබ නොදන්නා/පාවිච්චි නොකරන සියලූම ෆේස්බුක් ඇප්ස් සහ browser addons ඉවත් කරන්න.
01. https://www.facebook.com/settings?tab=applications මෙතනින් ගොස් ඔබ දැනට ඉන්ස්ටෝල් කර ඇති ෆේස්බුක් ඇප්ස් වල නම් බලා ගත හැකියි. ඒවායෙන් ඔබ නොදන්නා/පාවිච්චි නොකරන ඒවායේ ඉදිරියෙන් ඇති x ක්ලික් කර එන popup එකෙහි Delete all your activity on Facebook යන්න ඉදිරියෙන් හරි ලකුණ යොදා remove ක්ලික් කරන්න.
02. ඔබ Firefox පවිච්චි කරන්නේ නම් Tools > Addons > Extentions වල ඇති ඔබ නොදන්නා/පාවිච්චි නොකරන සියලූම Addons remove කර දමන්න.
ඔබ Chrome පවිච්චි කරන්නේ නම් Tools > Extentions වල ඇති ඔබ නොදන්නා/පාවිච්චි නොකරන සියලූම Addons remove කර දමන්න.
ඔබ තව්මත් Internet Explorer පාවිච්චි කරන්නේ නම් වහාම Chrome, Firefox වැනි browser එකකට මාරු වන්න.
---එසේ කලද තවමත් යථා තත්ත්වයට නොපැමිණියේ නම් වහාම මේ පිළිබඳ දන්නා අයෙකුගෙන් හෝ ගෲප් එකකින් උදවු ලබා ගන්න---
ෆේස්බුක් ඇප්ස් ඉන්ස්ටෝල් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු...
ඔබ යම් ෆේස්බුක් ඇප් එකක් ඉන්ස්ටෝල් කිරීමේදි "Post on your behalf" යන්න සඳහා permission ඉල්ලයි නම් ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් වන්න. එහිදී "Only me" Privacy එක යටතේ permission දීම වඩාත් ආරක්ෂා සහිතය. නමුත් ඔබ එම ඇප් එක භාවිත කිරීමට යන්නෙ photo sharing හෝ status updates දැමීමට නම් "Only me" Privacy දැමීම හරියන්නේ නැත. එවැනි විටකදී එම ඇප් එක විශ්වාසදායක්ද යන්න දැන ගැනීමට මේ පිළිබඳ දන්නා අයෙකුගෙන් හෝ ගෲප් එකකින් උදවු ලබා ගන්න.
Browser addons ඉන්ස්ටෝල් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු...
ඔබ යම් addon එකක් ඉන්ස්ටෝල් කිරීමට පෙර ඒ පිළිබඳ දෙවරක් සිතන්න. එය ලබාදෙන අඩවිය විශ්වාසදයක වීම වඩාත් වැදගත්ය. නමුත් විශ්වාසදයක අඩවි වල පවා නරක දේ තිබිය හැකි බැවින් මේ පිළිබඳ දන්නා අයෙකුගෙන් හෝ ගෲප් එකකින් උදවු ලබා ගන්න.
මෙය අපහසුවෙන් හෝ කියවූ ඔබට බොහොම ස්තූතියි.
ඔබගේ මිතුරන්ද දැනුවත් කිරීමට මෙය හැකිතාක් ෂෙයා කරන්න. මෙවැනි දේ වලට හසුවී ඇති අයට මේක දෙන්න.
ෂෙයා කිරීමේදී මෙම ෆොටෝ එක ෂෙයා කරන්න -> https://www.facebook.com/photo.php?fbid=4519950686100 හෝ BLOG POST එක SHARE කරන්න...
මේක අපගේ BLOG දැමීමට අවසර දුන් RKSK EKANAYAKA මිත්‍රයාට ස්තුති වෙමි...
එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....
ඉතින් ඔබට මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
(ඔබ මෙම POST එක වෙනත් SITE එකක දන්න සදහා උත්සහා කරන්නේ නම් කරුණා කර ADMIN වරයාව දනුතවත් කරන මෙන් ඉල්ලා සිටිමි)............
Related Posts
ADOBE ඕනෑම PRODUCT එකක් හැමදාම තියාගමු මගෙන් ඔයාලට.... ඉතින් කොහොමද??? යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ තවත් වටිනා POST එකක් , මේකෙන් ඔයාලට දෑනට තියෙන ADOBE COMPANY එකෙන් ගහල තියෙන ඕනෑම SOFTWARE එකට වැඩ කරනවා . ඉතින් ගොඩක් අය එක එක ADOBE PRODUCT වලට KEYS යිල්ලලා , කට්ටිය GROUP ගානේ POST දානවා , දැන් එකට ඔයාලා දුක් වෙන්න ඕනේ නැහැ . මේක වැඩ කරනවා CS 4 , CS ... readmore
අපි කොහොමද?? TRUSTED CONTACTS බාවිතා කරන්නේ FB ACCOUNT එක HACK වීමට පෙර.... Read more » ... readmore
Bootable USB උපාංගයක් නිර්මානය කර ගන්නට සහය මෘදුකාංගයක් මෙන්න මගෙන් ඔයලාට... වේගයෙන් CD මෙන්ම DVD භාවිතය USB උපාංග විසින් හිමිකරගන්නා කාලය උදාවෙමින් ඇත. සිහිරීම් පලුදුවීම් වැනි අපහසුතාවයන් එම තැටි අකාරයේ භාවිතාවන් අවම කරන්නට කටයුතු කරමින් සිටින අතර පහසු හැසිරවීම වේගවත් බව මෙන්ම වඩාත් නම්ය හැසිරීම USB ආකාරයේ ගබඩා උපාංග වෙතට භාවිතාකරන්නන් කැදවා ගැනීමට හේතුවක් වෙමින් ඇත. ... readmore
BANDICAM V 2.0 මගෙන් ඔයාලට....... Read more » ... readmore
PEN එකට ඕනෑම් OS එක්ක දාමු මගෙන් ඔයාලට...... Read more » ... readmore
චයිනීස් ෆෝන් 1 ගන්නට පෙර මදක් සිතා බලනු මගෙන් ඔයාලට... එහෙනම් හැමෝම කියන්නෙ අළුත් ෆෝන් එකක් ගන්න කලින් මේකත් පොඩ්ඩක් කියවල බලන්න. චයිනීස් ෆෝන් පාවිච්චි කරන අයට වැදගත්.අපි දැකල තියෙනව ගොඩක් දෙනා ෆෝන් ගන්න ගියාම තෝරලා තෝරලා අන්තිමට ගන්නේ චයිනීස් ෆෝන්. Read more » ... readmore
ෆේස් බුක් EMOඔන්න මම ඔයාලට අද ගෙනාවා FACEBOOK EMO &nb ... readmore
නිකන් DELETE නොකර RECOVERY කිරීමට නොහැකි ලෙස මකමු මගෙන් ඔයාලට.... ඉතින් කොහොමද යාලුවනේ මම අද ඔයලට කියල දෙන්නේ තවත් වටින්ද දෙයක් ඒතමයි , කොහොමද? අපේ PEN DRIVE එකේ තියෙන FILES DELETE කරන්නේ කොහොමද? RECOVERY කරන්න බැරි වෙන්නම :D Read more » ... readmore
ඔයාගේ COMPUTER 1 ඔයාට හොරෙන් කරපු හැමවැඩක්ම බලාගන්න මගෙන් ඔයාලට.... මම ගෙනාවේ පට්ටම පට්ට SOFTWARE එක්කක්. මෙක මම දන්නවා ඔයාට අනිව ඔන වෙනවා ඉයලා.අද මම ඔයාලාට දෙන්න යන්නේ ඔයාගේ COMPUTERඑකට දාන්න පුලුවන් ඔත්තු කාරයෙක්.. Read more » ... readmore
විශාල ෆයිල් ඊමේල් කරන්න මෙන්න තවත් හොද වෙබ් අඩවියක් මගෙන් ඔයාලට... ඊමේල් වලදී විශාල ෆයිල් අමුණන්න ... ගියහම විදින කරදර බොහෝදෙනා අත්විදලා ඇති ...සාමාන්‍යයෙන් ජීමේල් වලදී 25 mb විතර වගේ තමයි එක ෆයිල් එකකකට අමුණන්න පුළුවන් ... Read more » ... readmore
Subscribe to:
Post Comments (Atom)
This is your first visit to My page. Welcome!
ෆේස්බුක් ස්පෑම් වලින් ලාංකිකයන් ගලවා ගැනීමට මා යෙදූ ප්‍රයත්නයට සහය දුන් ඔබ සැමට බොහොම ස්තූතියි.
RKSK Ekanayaka ,
thanks saho :D